Description
ආත්මගතයි කියලා හිතපු ප්‍රේමණීය සම්බන්ධතාත් බිඳ වැටෙන්නේ ඇයි?
කොයිතරම් යාඥා කළත්, හොයන විධියේ කෙනෙක් මුණගැහෙන්නෙ නැත්තේ ඇයි?
කෙනෙකුට ගමනට උදව් දෙන සහකරුවෙකුත්, කෙනෙකුට කිසිම සහයක් නැති සහකරුවෙකුත් ලැබෙන්නේ ඇයි?
හැමදාම වැරදි මිනිස්සු, හැමදාම එකම ප්‍රශ්න ටික මුණගැහෙන්නේ ඇයි?
ජීවිතයේ බොහෝ දේ දිනාගත්තත්, ආදරය නම් මාතෘකාවේදී තමන් පරාදයි වගේ දැනෙන්නේ ඇයි?
මේ සියළුම ‘ඇයි’ වර්ගයේ ප්‍රශ්නවලට පිළිතුර, තිබෙන්නේ ඔබට මෙතෙක් හසු නොවුණු සැඟවුණු කලාපයක වෙන්න පුළුවන්. අන්න ඒ සැඟවුණු කලාපය වෙත ගමන් කිරීමට තමයි ‘ආදරයේ සංඛ්‍යාතය හරියට අල්ලාගැනීම’ කියලා කියන්නේ. සම්මානනීය ව්‍යාපාරික හා මූල්‍ය ජනමාධ්‍යවේදී ප්‍රමේෂ් වික්‍රමසිංහගේ මේ නවතම කෘතිය, ඒ විශ්වීය පැවරුම සඳහා ඔබට ලැබෙන මාර්ග සිතියමක්. මේ පිටු ඒ විශ්වීය අභ්‍යාසය පුහුණු කරවමින් ඔබව ‘ආත්මීය සහකරුවා’ වෙත රැගෙන යන සංචාරයක්.
කතුවරයා : ප්‍රමේෂ් වික්‍රමසිංහ
ප්‍රකාශනය : Big Boss ප්‍රකාශන
පොතේ වර්ගය : සිංහල Self Help
පිටු ගණන : 256
ප්‍රකාශිත වසර : 2026

Reviews
There are no reviews yet.